මිනීමරු අලියාගෙන් ගැබිනි මවට සහ පුතුට බිහිසුණු ප්‍රහාරයක්..පුතු සහ මව බරපතළ තත්ත්වයේ..(VIDEO)

Anuradhapuraya Galkulama elephant atack uttimaduva
By Sewvandhi Feb 07, 2022 09:34 AM GMT
Report

අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට වනඅලියෙකු පහරදී තිබේ.

අද (07) උදෑසන 6.30ට පමණ මොවුන් ත්‍රිරෝද රථයෙන් අනුරාධපුරය බලා ගමන් කරමින් සිටිය දී එලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.

කෙසේවෙතත් වනඅලියාගේ පහරදීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගැබිනි මව සහ 11 හැවිරිදි පුතා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

 ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ වනඅලින් බහුලව සිටින බැවින් ජනතාවට මාර්ගයේ ගමන් කිරීම ඉතාම අවදානම් තත්ත්වයක් බවය.

බලධාරීන්ට කොතෙක් දැනුවත් කර තිබුණ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ පිළිබඳ අදහස් දැක්වු කාන්තාවක්,

"මේ මිනීමරු අලියා ගහලා අපේ අල්ලපු ගෙදර අයියව මරලා අද අවුරුද්දේ දානේ. එතැනම තමා මේ සිද්ධියත් තියෙන්නේ. ත්‍රිවීල් එකට ගහලා ගැබිනි මවක් තව දෙන්නෙක් එක්ක මහ රෝහලට ගෙනිච්චා. එයාලට ගොඩක් අමාරුයි. මේ අලියාව කොහොම හරි එලවලා දාන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now