ඉන්ධන, විදුලිය, ගෑස් සහ ජලය මිල ගණන් වලට වෙන්න යන දේ මෙන්න.

Election Commission of Sri Lanka Litro Gas Ceylon Electricity Board Water Board
By Aruna May 20, 2022 04:24 AM GMT
Report

ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය මිල ගනන් ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට මහබැංකුව විසින් නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

පරිභෝජන භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන පාඩු ලැබීම නිසා එවන් නිර්දේශයක් කරන්ට සිදු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ බදු ආදායමක් පහළ මට්ටමක පවතින බවද පැවසූ ඔහු රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවිමට යම් අර්බුදයක් ඇත්නම් සිදුකළ යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම බවද පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now