බිත්තර වැටලීම් යළිත් ක්‍රියාත්මකයි - බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල මෙහෙමයි..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jan 22, 2023 09:39 AM GMT
krishani

krishani

in ආහාර
Report

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම ව්‍යාපාරිකයන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එහි සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා කියා සිටියේ ය.

පාරිභෝගික අධිකාරිය විසින් සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බව දක්වමින් පෙරේදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව ඊයේ (21) දිනයේ සිට මෙම උපරිම සිල්ලර මිලට යටත්ව බිත්තර අලෙවි කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join