ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතට තවත් පෙත්සම් 3ක්

Sri Lanka Cricket Latest Headlines Jagath Wickramaratne Sinhala news Puwath.lk
By R.rishma Oct 21, 2026 07:22 AM GMT
Report

“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති තවත් පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ, 2026 ඔක්තෝබර් 20 වැනිදා නිකුත් කළ නිවේදනයේ සඳහන් පෙත්සම් 30ට අමතරව බව කථානායකවරයා සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම, “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තවත් පෙත්සම් 11ක පිටපත් ද තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය. ඒ, ඔක්තෝබර් 7, 8 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් 25ට අමතරවය.   

මීට අමතරව, “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සමක පිටපතක් ද තමන් වෙත ලැබී ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නේය.