විශේෂ මිලකට බිත්තර - ලබාගත හැකි ස්ථාන දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 28, 2022 05:57 AM GMT
krishani

krishani

in ආහාර
Report

කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන විස්සක දී රුපියල් 55කට බිත්තර අලෙවි කිරීම අද (28) සිට ආරම්භ කෙරෙයි.

ඒ, බිත්තර මිල ගණන් ගැන අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවක දී බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් පළ කළ එකඟතාවට අනුව යි.

ඒ අනුව ලොරි 20ක් යොදා ගනිමින් අද දිනයේ දී කොළඹ නගරය අවට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බිත්තර අලෙවි කිරීමට යි පියවර ගැනෙයි.

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤවීථිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම හෝමාගම ද වත්තල, ජාඇල, රාගම, මීගමුව, කිරිබත්ගොඩ, කඩවත සහ පෑලියගොඩ නගරවල දී අදාළ ලොරි රථවලින් රුපියල් 55ක මිලකට ජනතාවට එහි දී බිත්තර ලබා ගැනීමේ හැකියාව පවතියි.