බිත්තර මිල තවත් ඉහළ යයි.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Dec 20, 2022 03:26 AM GMT
krishani

krishani

in ආහාර
Report

උත්සව සමයට සමගාමීව වෙළඳපොළේ වැටලීම් සිදුකළ ද බිත්තර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එවන් පසුබිමක ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 65කට අලෙවි වන බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බිත්තර වලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අගෝස්තු මස 19 වැනිදා නිකුත් කළේ, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් සහ දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ලෙසටයි.

කෙසේවෙතත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ අනුව බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වනතුරු අත්හිටුවීමට අධිකරණය පසුගියදා නියෝග කළේ ය.

මේ හේතුවෙන් වෙළඳපළේ වැඩි මිලට බිත්තර අලෙවි කරන්නන්ට සහ අලෙවි කරන වෙළඳසැල්වලට නීතිමය පියවර ගත නොහැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join