බිත්තර කොළඹට විතරක් ද?.

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 22, 2023 04:14 AM GMT
krishani

krishani

in ආහාර
Report

පසුගිය 14 වන දා මෙරටට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් එම බිත්තර තොගය ලබන 24 වන දිනයේ නිදහස් කිරීමට හැකි බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ය.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැත.

ඉන්දියාවෙන් පසුගිය 19 වෙනිදා මෙරටට ආනයනය කළ බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත ය.

කෙසේවෙතත්, මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5ක අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන 02ක් ලබන සතියේ දිවයිනට ගෙන ඒමට නියමිතය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join