බිත්තර සහ කුකුලු මස්වලට ඉදිරියේ දී වන දේ..
Sri Lanka Food Crisis
By krishani
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදි මව්කිකිලියන් ආනයනය කරන ප්‍රමාණය අඩුවීම නිසා ඉදිරියේදී බිත්තර හා කුකුළු මස් හිඟයක් මතුවනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
ඒ කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඩි.බී හේරත් සමග එම අමාත්‍යංශයේ ඊයේ(12) පෙරවරුවේ පැවති සාකච්ජාවේදි ය.
සත්ත්ව ආහාර හිඟය, ඒවායේ මිල ගණන් ඉහළ යාම, සතුන්ට ලබාදෙන ඖෂධ හා විටමින් වල මිල ඉහල යාම වැනි හේතු හමුවේ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය අනතුරට පත්ව ඇති බව ඔවුන් එහිදී පෙන්වා දී තිබෙන අතර මේ වසරේ ජුලි මාසය වන විට මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 164ක් හා කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18ක් දක්වා අවම වී ඇත.