අත්‍යවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..! නව පත්වීම් තුනක්..

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Finance Sri Lanka
By Sewvandhi May 11, 2022 04:04 PM GMT
Report

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු අතිරේක කොමසාරිස්වරු ලෙසත් පත් කර සිටිනවා.

එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25 හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery