රට පුරා සිටින පාසල් දරුවන් අතුරින් ඇසෙන දුක්බර ආරංචියක්...

Ministry of Education Sajith Premadasa Sri Lankan Schools Education
By Aruna Feb 16, 2024 12:11 AM GMT
Report

මෙරට පාසල් දරුවන්ගෙන් 3%ක් මේ වන විට සම්පූර්ණයෙන් පාසල් අධ්‍යාපනය අතහැර දමා ඇති පසුබිමක එය වැළැක්වීමට නොහැකි ආණ්ඩුවක් කුමකටදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා.

මේ වසර අවසන් වීමට පෙර තමා රටේ නායකත්වයට පත්ව අධ්‍යාපනය නගා සිටුවීමට පියවර ගන්නා බවයි,රත්නපුර - පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

සක්වල වැඩසටහනේ 98 වැනි අදියර යටතේ රත්නපුර - පැල්මඩුල්ල බඹරබොටුව විජයබා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් සිදුකෙරිණ.

විපක්ෂ නායකවරයා පවසන පරිදි මෙරට පාසල් දරුවන්ගෙන් 3%ක් මේ වන විට සම්පූර්ණයෙන් පාසල් අධ්‍යාපනය අතහැර දමා ඇති පසුබිමකමක් පවතී නම්, කඩිනමින් මේ ගැන සොයා බැලීමක් කර රටේ අනාගය භාරගැනීමට සිටින දරුවන් වෙනුවෙන් කඩිනම් පියවරක් ගෙන එම දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම සියලු පාලකයන්ගේ වගකීමක් නොවන්නේ ද?