ලංකාවේ පාසල් ළමුන්ගේ අධ්‍යාපනයට වුන නොහිතපු ඛේදනීය ඉරණම..
ලංකාවේ පාසල් අධ්‍යාපනය ලබන ළමයින් සංඛ්‍යාව පසුගිය වසරේ දී 33,000 කින් පමණ පහත වැටී ඇත.එනම් පසුගියදා නිකුත් කෙරුණු 2021 වසරේ බැංකු වාර්ෂික වාර්තාව සඳහන් කරන පරිදි පසුගිය වසරේ මෙරට පාසල් අධ්‍යාපනය ලැබූ ළමයින් සංඛ්‍යාව 4,238,760ක් වන අතර, 2020 වසරේ එම සංඛ්‍යාව සටහන් වන්නේ 4,272,289 ක් ලෙසයි.
ඒ අනුව පසුගිය වසර තුළදී මෙරට පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ගේ සංඛ්‍යාව 33,529 කින් පහත වැටී ඇති බවයි පෙනී යන්නේ.එහිදී රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ළමයින් සංඛ්‍යාව 31,474 කින් පහත වැටී ඇති අතර, අනෙකුත් පාසල්වල අධ්‍යාපනය ලබන ළමයින් සංඛ්‍යාව පහත වැටී ඇත්තේ 2,055 කින් ය.
දිවයිනේ පාසල් ගුරුවරුන් සංඛ්‍යාව ද පසුගිය 2021 වසරේදී 1,179 කින් පහත වැටී ඇති අතර, එහිදී රජයේ පාසල්වල ගුරු භවතුන්ගේ සංඛ්‍යාව 994 කින් පහත වැටීම විශේෂත්වයකී.
පසුගිය වසරේදී පාසල්වලට ළමයින් 307,415 ක් අලුතෙන් ඇතුලු වුව ද 2020 වසර හා සසඳන විට එය, 11,990 ක පහත වැටීමක් ය.
කෙසේවෙතත් කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේදී මෙරට පාසල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වූ බවයි මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |