කැම්පස් යන්න බැරි වුණු සිසුන්ට සුහම සුබ ආරංචියක්.

Sri Lanka Education Loan Private university
By Aruna Jan 24, 2022 06:25 AM GMT
Report

රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව තිබෙනවා.

එම ණය යෝජනා ක්‍රමය Skills – High Education Exhibition @kaluthara – 2022 නමින් හදුන්වා දී තිබේ.

2018, 2019 සහ 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වු සිසුන්ට වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කරමින් ජනවාරි 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන පෙ.ව 9.30 – ප.ව 4.30 දක්වා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now