බෑනා ගේ මරණීය පහරින් අවසන් ගමන්ගිය පියා

Sri Lanka Police Investigation Crime
By Sithumi Jan 28, 2023 11:00 AM GMT
Report

ගලපිටමඩ දුනුමාල ප්‍රදේශයේදී අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා .

ඊයේ රාත්‍රී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයාගේ දියණිය විවාහ වී සිටින සැමියා බීමත්ව පැමිණ ඔහු සමග ඇති කරගත් පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරු මේවන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගලපිටමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now