පිහි පහරට හසුවූ දියණිය මිය ගිය භයානක සිදුවීම.. රෝහලේ මිය යෑම සැක සහිතයි

By Sithumi Feb 05, 2022 02:33 PM GMT
Report

කන්තලේ පේරමඩුව ගම්මානයේ ජීවත් වූ 15 හැවිරිදි පාසල් සිසුවියක් පසුගිය 01 වනදා පෙම්වතාගේ පිහි පහරට ලක්වී තිබුණි. එදින කන්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණු ඇයට සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී වෛරසය ආසාදනය වී නැති බව තහවුරු විය.

කෙසේවෙතත් ඇය ඊයේ මියගිය බවට ඥාතීන්ට දැනුම් දී තිබුණි. ඒ, දඹුල්ල මූලික රෝහල් බලධාරීන් විසිනි. දැරියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කරන්නේ තම දැරිය රෝහල්වලට මාරුකිරීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබූ බවය. දැරියගේ ඥාතියෙකු පැවසුවේ

, "දැන් රෝහලෙන් කියනවා කොවිඩ් පොසිටිව් නිසා දේහය දෙන්න බෑ කියලා. ආදාහනය කළාට පස්සේ කොහොමද පරීක්ෂණ කරන්නේ. අපි අසරණ වෙලා ඉන්නේ."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now