පාසල් ළමුන් අනතුරේ දමන ක්‍රියාවක් ගැන ඇහෙන භයානක කතාව...

Crime Drugs School Children
By Sithumini Jul 22, 2024 07:35 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

කලින් කලට ඇසෙන පාසල් සිසුන් ඉලක්ක කරගත් මත් ජාවරම් ගැන නම් තවමත් අඩුවක් නැ.

පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් ජාවාරමේයෙදී සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් අදත් වාර්තා වී තිබෙනවා.

කඩවත වෑබඩ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදි මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එහිදි පාසල් ළමුන් ඉලක්ක කරමින් විකිණීම සදහා සූදානම් කර තිබු මත් කරල් 230ක් එම කාන්තාව සතුව තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ වයස අවුරුදු 44ක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධියට අදාල විමර්ශන සදහා ඇයව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඩවත පොලීසියට භාරදෙනු ලැබුවා.