ගුලි 17ක් බඩේ..වටිනාකම රුපියල් මිලියන 12ක්..

Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Sewvandhi Sep 28, 2022 05:07 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යය හරහා මෙරටට පැමිණ ඇත. වැඩිදුර පරීක්ෂාවේදී සැකකරුගේ උදරයේ තිබී කොකේන් සහිත ගුලි 17ක් පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ එම කොකේන් ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වන බවය. අනතුරුව සැකකරු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

මේ අතර ,කේරළ ගංජා තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එම රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ලොරිය රථයේ වෙනම සකසන ලද රහස් කුටියක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කේරල ගංජා පාර්සල් 56ක් සොයාගෙන ඇති අතර පොලිස් භාරයට ගන්නා ලද පාසල් 56 තුළ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 160යි ග්‍රෑම් 550 ක ප්‍රමාණයක් තිබී තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42, 43 හා 59 යන වයස්වල පසුවන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සැකකරුවන් හෙට දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මත්ද්‍රවය කාර්යංශයේ මන්නාරම උප ඒකකය විසින් වැඩි දුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW