"අම්මෝ ගඳයිනේ.." - බොම්බිලි කෑවට දැකලා තියෙනව ද?. ශරීරයට වඩා ලොකු හකු තියෙන අප්‍රසන්න පෙනුමක් ඇති මුහුදු පතුලේ රාක්ෂයා. (PHOTOS)

Sri Lanka India
By krishani Aug 08, 2023 10:35 AM GMT
krishani

krishani

in ආහාර
Report

ඇත්තටම බොම්බිලි කරවල කෑවට ඒව දැකලා තිබ්බ ද?.

අපි කවුරුත් ඒ නම ඇහුන ගමන් මතක් වෙන්නේ අම්මෝ බොම්බිලි කරවල ගඳයිනේ කියලා.

විශේෂයෙන් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධය දැනුනම ඔයත් එහෙම  කියලා ඇති.

නමුත් ඇත්තටම බොම්බිලි කරවල කියන්නේ මොනවට ද කියලා දැනගෙන හිටියද?

ඔයාලා ඒ ගැන දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අහගන්න බොම්බිලි කරවල කියන්නේ මොනවද කියලා.

ඇත්තටම මොනවද මේ බොම්බිලි ?

ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo කියලා. ඉංග්‍රිසියෙන් කියන්නේ Bombil කියලා. Duck Fish නැත්නම් lizard fish කියන්නෙත් මෙයාටම තමයි.

Bombay Duck කියන්නෙත් බොම්බිලිවලටම තමා.ඩක් කිව්වට තාරාවෙක් නොවන මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදිහට.

බොම්බායේ,ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මෙම මාළු වර්ගය ඉස්සන්,කුඩා මසුන් ආහාරයට ගනී.

ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මෙම මසුගේ මස ජෙලි ස්වභාවයක් ගනී.අඳුරේ දී ශරීරයෙන් දීප්තිමත් එළියක් විහිදේ.

මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් මුහුදු පතුලේ රාක්ෂයා ලෙස හඳුන්වන්නේ මොවුන්ගේ අප්‍රසන්න පෙනුම නිසාම විය හැකිය.

මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්,දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ ආහාරය ලෙස ප්‍රසිද්ධ නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිල් ප්‍රණීත ආහාරයක් ලෙස දුප්පත් පොහොසත් කාගේත් අතර ජනප්‍රියයි.

පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වල ද විකිණීමට තිබීමෙන්ම එය සනාථ වේ.

අපේ රටේත් ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලට ද බොම්බිලි නිකුත් කරනු ලැබීය.මේ මොනවා කිවුවත් බොම්බිලි වල රස වගේම කෑවට පස්සේ විදින්න වන දුක් ගැහැට ගැන කාලා තියෙන කොයි කවුරුත් දන්නවා ඇති.

ඒ ගැන මම කියනවාට වඩා කාපු කෙනෙකුගෙන්ම දැන ගන්නට තිබුනානම් ඒක හැමදෙනාටම වැදගත් වෙයි.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.

GalleryGalleryGalleryGalleryGallery