" රෝගියකු අපහසුතාවයට පත් කළ වෛද්‍යවරයා හීරෝ වෙලා" - තමා හරවා යැවූ වෛද්‍ය මහාචාර්යවරයා ගැන ප්‍රසන්න රණතුංග කියන කතාව! ඇත්තටම මොකක්ද වුනේ..?
"මම ප්‍රතිකාර ලබා ගැනීමට ගියේ රෝගියකු ලෙසයි" වෛද්‍යවරයකු ඒ ආකාරයෙන් රොගියකුට සලකාවි යැයි මම කිසිසේත්ම හිතුවෙ නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ හත්වැනිදා හවස කොළඹ ලංකා හොස්පිටල්හී මහාචාර්ය රනිල් ජයවර්ධන තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමිනි. අමාත්‍යවරයා මෙසේ ද කීය.
"මෙම සිද්ධිය වූ දිනට සති තුනකට පෙරදී වෛද්‍යවරයා චැනල් කළා. ඒ අනුව ලැබුණු අංක තුන යටතේ ඔහුව හමුවීමට රෝහලට ගියා. එම අවස්ථාවේදී තමාගේ රෝගි සටහන්පත් කවුන්ටරය වෙත බාරදී විනාඩි හතලිස්පහක පමන කාලයක් තමාගේ වාරය එනතුරු රෝහලේ රැදී සිටියා. එම අවස්ථාවේදී එහි සිටි හෙදියක් තම බිරිඳ අමතමින් පසෙකට කැඳවාගෙන ගියා ඇය තමාගේ රෝග තත්ත්වයක් පිළිබඳ බිරිඳව දැනුවත් කිරීමට කැඳවාගෙන යන්නට ඇතැයි සිතුවා.''
හෙදිය මුණගැහී තමා වෙත ආ බිරිඳ අපි යං තාත්ති යැයි පවසමින් තමා ඉදිරියට පැමිණීමත් සමඟ සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව ඔහු තම බිරිඳගෙන් ඒ පිළිබඳව විමසා සිටි බව අමාත්‍යවරයා පැවසීය.
එම අවස්ථාවේදී වෛද්‍යවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන හෙදිය තමාව දැනුවත් කළ බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව වෛද්‍යවරයා හමු වී ඒ ආකාරයෙන් කටයුතු කළේ මන්දැයි තමා විමසා සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ දේශපාලනඥයන්ට තමා ප්‍රතිකාරක නොකරන බව යැයි අමාත්‍යවරයා පැවසීය.
තමාට මුදල් නැවත රැගෙන යන්නට වෛද්‍යරයා පැවසූවත් එම මුදල් ද තමා ලබා නොගත් බව පැවසීය. සිද්ධිය පිළිබඳව තමාට යම් කනගාටුවක් ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුගෙන් ලබාගත් කාරයන්හීදි ලබා දුන් ඖශධවලින් දැණුන අපහසුතාවයකට ප්‍රතිකාර ලබා ගැනීමට මා වෛද්‍යවරයා හමුවට ගියා.
අවසානයේ දී එකී සංකූලතාවන් ට ප්‍රතිකාරකාර නොලබාම තමාට රෝහලෙන් පිට වෙන්නට සිදු වූණා. වෛද්‍යවරයාගෙන් සිදුවූ අකටයුත්ත පිළිබඳව තමා මාධ්‍යට කතා නොකර සිටි බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා අදාළ වෛද්‍යවරයා යූ ටියුබ් වෙත හඬ පට නිකුත් කරමින් තමා හීරෝ වන න්‍යායකින් කටයුතු කරනු දක්නට ලැබුණා.
රෝගියකු පීඩාවට පත්කොට වෛද්‍යවරයකු එසේ හීරෝ කෙනකු වීම පිළිබඳව කණගාටුවක් පවතින බව සඳහන් කළ අමාත්‍යවරයාවරයා ඒ හඬපටයෙන් පසු ඒ පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය තමාගෙන් විමසන විට එයට උත්තර දීම දැන් තමා සිදු කරන බව පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |