කොල්කටා නුවර දෙවනත් කරමින් ඇහෙන ලොවම කම්පා කළ අදි සංවේදි සමූහ දූෂණ සිදුවීම...

International day against Drug abuse & Illicit Trafficking India
By Sithumini Aug 18, 2024 05:38 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

පසුගියදා කොල්කටා රෝහලක පැය 36 ක සේවයේ යෙදී සිටි තරුණ වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය තුළදී අමානුෂික ලෙස දූෂණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ඇගේ බෙල්ල මිරිකීමෙන් මුඛයෙන් ද , ඇස් කණ්නාඩි ඇසට තද කර ඇස් වලින් ද ලිංගික ප්‍රදේශවලින් ද ලේ ගලමින් තිබූ අතර උකුල් අස්ථි කැඩී ගොස් තිබෙන බව සදහන් වනවා.

එමෙන්ම මෙහිදි ඇගේ සිරුරේ ශුක්‍රාණු ග්‍රෑම් 151ක් සොයාගෙන ඇති අතර සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට පිට කිරීමට හැක්කේ උපරිම ග්‍රෑම් 15ක් පමණක් වන බැවින් මෙය සමූහ දූෂණයක්ද යන්න පොලිසිය සැක පළ කරනවා.

ඇගේ දූෂණය කෙතරම් බිහිසුණු එකක්ද යන්න ඉහත තොරතුරු අනුව පෙනී යනවා.

ඇයව පිරිමින් 8 සිට 10 දක්වා දූෂණය කර, පසුව වෘත්තීයමය වශයෙන් ඝාතනය කරන්නට ඇති බවයි සැක පළ කරන්නේ.

මෙම ස්ත්‍රී දූෂණයට හා ඝාතන සිද්ධියට කාන්තාවක් ද සම්බන්ධ වන අතර ඇය එක් දූෂකයෙකුගේ පෙම්වතිය වන අතර ඇය මෙම වෛද්‍යවරිය සම්මන්ත්‍රණ ශාලාවේ විවේක ගැනීමට යවා ඇති අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ එහි තුලදීයි.

මේ අතර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදු වූ මෙම ස්ත්‍රී දූෂණ සිද්ධිය ලෝකයේ අප සියල්ලන්ම පීඩනයට පත් කරන අතර ඇය මුහුණ දුන් වේදනාවේ තරමින් දහයෙන් එකක්වත් අපට සිතාගතවත් නොහැකියි.