අඟුලාන මුහුදේ හදිසි ඩෝරා යාත්‍රා අනතුර - 11ක් බේරාගනී - එක් අයෙක් අතුරුදන්

Sri Lanka Navy Accident Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 15, 2026 11:19 AM GMT
Report

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අද (15) අනතුරට ලක්ව තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට ලද තොරතුරකට අනුව එහි සිටි පිරිස් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළ බවයි.

නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව, අනතුරට පත් යාත්‍රාවේ සිටි පිරිස් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායද ලබාදී තිබේ.

ඒ අනුව, අනතුරට පත් යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, අනතුරට පත් යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මුදාගෙන රෝහල්ගත කර ඇති අතර, එක් අයෙකු අතුරුදන්ව ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.