ඔබෙත් ඇස් යට කළු වෙනවාද..? එසේනම් මෙන්න විසදුම්..
World Health Organization
By Subodha
තරුණ මහළු කියලා නෑ අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. ඒත් විවිධ හේතු කාරනා නිසා අපේ ශරීරයේ විවිධ ලෙඩ රෝග වැලදෙනවා. ඒ වගේම අපිට තියෙන ලොකුම ගැටළුවක් තමයි මේ ඇස් යට කළු වීම. මේකට විවිධ හේතූන් බලපානවා. ඉන් කිහිපයක් ලෙසට වයසට යෑම, සමේ වියළි බව, දිගු වේලාවක් හැඬීම, දිගු වේලාවක් පරිගණකය ඉදිරියේ වැඩ කිරීම, මානසික ආතතිය, නින්ද අඩුකම, පෝෂ්‍යදායි ආහාර නොගැනීම ආදිය ඉන් කිහිපයක් ලෙස දක්වන්න පුළුවන්.
ඇස් යට කළු වීම කියන්නේ බරපතළ සමේ රෝගයක් නෙවෙයි. ඒත් මේ නිසා ඔබට ඉතාමත් විඩාබර මෙන්ම වයසින් වැඩි පෙනුමක් ගේනවා. අද කියන්නේ ඇස් යට කළු වීම වළක්වාගන්න ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකාර කිහිපයක් ගැනයි.
- ආමන්ඩ් තෙල් සමඟ විටමින් E තෙලුත් මිශ්‍ර කර ආලේප කරන්න.
- පිපිඤ්ඤා යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න
- අර්තාපල් යුෂ පුළුන් කැබලි 2ක පොඟවා ඇස් යට තබා විනාඩි 10 කින් අයින් කරන්න.
- අයි පෑඩ් හෝ කපු පුළුන් ගෙන රෝස වතුරේ මිනිත්තු කිහිපයක් හොඳින් පොඟවා ගන්න. ඊළඟට ඒවා ඔබේ ඇස් මත තබා මිනිත්තු 15ක් පමණ සිටින්න. ඉන් පසු ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න.
- තක්කාලි යුෂ තේ හැන්දක් හා දෙහි යුෂ තේ හැදි භාගයක් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සෝදන්න
- කපු පුළුන් හෝ අයි පෑඩ් ආධාරයෙන් දෙහි යුෂ ඔබේ ඇස්වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න
- දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
- දෙහි යුෂ මේස හැන්දකට තක්කාලි මදය මේස හැන්දක්, කඩල පිටි ඉතාම ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 10ක් 15ක් පමණ තබා සෝදා හරින්න
- පොල් තෙල් භාවිත කර ඇස් වටා සම්බාහනය කිරීම සීතල වෙළුම් තැබීමෙන් රුධිර නහර සංකෝචනය කර ඇස් වටා ඇති අවපැහැවීම් නැති කරයි
- ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
- තේ බෑග් දෙකක් ගෙන වතුර ටිකක් දමා ශීතකරණයේ ටික වේලාවක් තබන්න. ඊට පස්සේ ඇස් මත තබා විනාඩි 15කින් අයින් කරන්න.
- පිපිඤඤා පෙති 2 ක් හරි අල පෙති 2ක් හරි ඇස් මත තබා විනාඩි 15කින් අයින් කරන්න.
- නැවුම් එළකිරි ගෙන ඇස් වටා සියුම්ව සම්බාහනය කරන්න.
- බිත්තර සුදු මදයකට ලෙමන් බිංදු කිහිපයක් දමා පුළුන් කැබලි 2 ක පොගවා ඇස් යට තබා විනාඩි 10 කින් අයින් කර අයිස් වතුරින් සෝදන්න.
- නිතර ඔබේ ඇස් පිරිමැදීමෙන් හා පොඩි කිරීමෙන් වළකින්න.
- නින්දට යාමට පෙර ඔබේ මේකප් ඉවත් කරන්න.
- හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.
- විටමින් A, C, E බහුල සමබල ආහාරයක් ගන්න
- අන්නාසි යුෂ ස්වල්පයක් සමඟ කහ ස්වල්පයක් මිශ්‍ර කර අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා ඉවත් කරන්න
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |