ඇගේ පතේ දාහය නිවන්න දිවුල් බීම හදන විදිය මෙන්න...

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis
By Subodha Aug 09, 2022 10:51 AM GMT
Subodha

Subodha

in රචනා
Report

දිවුල් යනු බාල මහළු අප කොයි කවුරුත් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වන රසවත් පලතුරක් කිව්වොත් නිවැරදිය.මෙම පලතුර Limonia Acidissima යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා. එසේම මෙම රසවත් පලතුර අපේ රටේ බහුලව දැක ගත හැකි අතර ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ ද බහුලව දක්නට ලැබෙනවා.එසේම දිවුල් යනු රසවත් පලතුරක් පමණක්ම නොව එය වටිනා ඖෂධයක්. දිවුල් බීම හදා ගැනීමට මෙන්න ක්‍රමය.


අවශ්‍ය ද්‍රව්‍ය-

  • හොඳින් ඉදුණු දිවුල් ගෙඩි 03 ක්
  • සිනි ලුණු අවශ්‍ය පමණට
  • පොල් කිරි පොල් ගෙඩි 1/2 ක
  • වතුර ලීටර් 01

සාදාගන්නා ආකාරය -

  • ප්‍රථමයෙන් දිවුල් ගෙඩි ටික සෝදා පිරිසුදු කර දෙකට පලා මදය සූරා බ්ලෙන්ඩරයකට දමා එයට පොල් කිරි හා වතුර ටික ටික දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයට දමා අවශ්‍ය පමණට ලුණු හා සීනි දමා කලවම් කර ශීතකරණයේ තබා හෝ අයිස් කැට දමා පානය කරන්න. එසේ නොහැකි නම් ශීතකරණයේ නොතබා පානය කරන්න. දියවැඩියා රෝගීන් සීනි නොදමා පානය කිරීම යහපත් ය.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now