වෙළදසැල් හිමිකරුවකු ගඩොලකින් පහර දී බිහිසුණු ලෙස පුද්ගලයකු ඝාතනය කෙරේ..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Jun 16, 2023 11:18 AM GMT
Report

දීවල පල්ලේගම ප්‍රදේශයේ වෙළෙඳ සැලක හිමිකරු ඇතුළු එහි සිටි පාරිභෝගිකයන්හට අසභ්‍ය වචනයෙන් බැනවැදි දේපලවට හානිකල අයෙකුට වෙළෙඳ සැලේ හිමිකරු විසින් සිමෙන්ති ගඩොලෙකින් පහරදී 15ද රාත්‍රි 8.50 පමණ ඝාතනය කර ඇතිබව පොලිසිය පැවසීය .

ඝාතනයට ලක්ව ඇත්තේ දීවෙල පල්ලේගම පදිංචසිටි කපිල සමන් කුමාර නොහොත් ඇල කපිල යන අන්වර්ත නාමයෙන් හඳුන්වන 47 හැවිරිදි පුද්‍ගලයෙක් බවද පොලිසිය පැවසීය .

ඝාතනය සිද්දිය සම්බන්ධයෙන් දිවෙල, පල්ලේගම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වියෙහි පසුවන වෙළෙඳ සැලේ හිමිකරු.සැක පිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය .

පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි බැවින් රෝහල් ගතකරන විටත් මරණයට පත්ව සිට ඇතිබවද කෑගල්ල ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය .

ඝාතනයවූ ස්ථානයේ සුදුයකඩ කඩුවක් සහ සිමෙන්ති ගඩොල් කැට දෙකක්ද තිබි ඇතිබව සඳහන්ය . මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කෑගල්ල ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය පැවසීය .

ප්‍රදේශයේ ජනතාවට මහත් හිසරදයක්ව සිටි ඇල කපිල නැමැත්තා ඝාතනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙනසිටින වෙළෙඳ සැලේ හිමිකරුට කිසියම් හෝ සහනයක් ලබාදෙන්නැයි ඉල්ලා පොලිසිය වෙත ඉදිරිපත් කිරිමට ප්‍රදේශයේ ජනතාව මේ වනවිට අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් අරම්භකර ඇතිබවත් තුන්සියයකට ආසන්න පිරිසක් එහි අත්සන් තාබා ඇතියිද ප්‍රදේශ වාසිහු පැවසීය .

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල් . ලීලවංශ මහතාගේ නියෝග මත පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත මහතාගේ අධික්ෂණය මත කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනුලබයි.