කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් බෙදලා දීලා - ඒ සම්බන්ධයෙන් කණගාටුවත් පළ කරයි....

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Aug 29, 2023 05:32 PM GMT
Report

මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද (29) බෙදා දී ඇති පුවතක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ත්‍රිපෝෂ ලබා ගත් මව්වරුන් චෝදනා කළේ ය.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය කියා ඇත්තේ බ්‍රහස්පතින්දා දින අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට රැගෙන එන ලෙසයි.

කෙසේ වෙතත්, මෙය අත් වැරදීමකින් සිදු වූ දෙයක් බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ ය.