දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන අලුත්ම සැකයක්..

Dinesh Sri Lanka Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime
By Sewvandhi Nov 10, 2023 03:17 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

මේ වනවිට විමර්ශකයන්ගේ අවධානය කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳ යොමුව තිබේ.

ඒ ඇතුළු කරුණු කිහිපයක් ඔස්සේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට අධිකරණය තීන්දු කළ නිසා මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසය එම ඝාතකයන් හෙළිදරව් කරගැනීමට මේ වන විට විමර්ශනයක් අරඹා තිබේ.

සිංගප්පූරුවේ හා එක්සත් රාජධානියේ ඔහුට අයත් දේපළ පිළිබඳ ද විමර්ශකයන් එම රටවල්වලින් කරුණු විමසීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට විමර්ශකයන් සැක පළ කරන්නේ, රුපියල් කෝටි ගණනක ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණ පාරිතෝෂිකය ලබාගැනීමේ අරමුණින් ඔහුගේ සමීපතමයෙක් ඝාතනය සිදුකළාදැයි යන්න පිළිබඳවයි.

ෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රක්ෂණ සමාගම්වල බලධාරීන්ට පසුගියදා නියෝග කළාය. ෂාෆ්ටර් මහතාගේ මරණ සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අදාළ වාර්තාව පිළිබඳ මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.