හැමෝම බලා සිටි දිනේශ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව... තීන්දුව සම්බන්ධයෙන් වන නිවේදනය....

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Oct 31, 2023 07:51 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙ‍නෙන චරිතයක් බවට පත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ජනශක්ති සමාගමේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ගේ පුත් දිනේෂ් ෂාෆ්ටර් මහතා මිය ගොස් මීට වසරක පමණ කාලයක් ගත වනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව හෙට (01) ප්‍රකාශයට පත්කරන බවයි එම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව භාරගැනීමෙන් අනතුරුවයි

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රාජසූරිය මහත්මිය මේ බව නිවේදනය සිදු කළේ. බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල බැඳ සිටියදී හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වනදායි.

පසුව ඔහු රෝහල්ගත කළ ද එදිනම ජීවිතක්ෂයට පත්ව තිබුණා. අන්තුරුව දේහය ගොඩ ගැනීමටද කටයුතු කළ අතර හෙට ඔහු සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුව තීරණාත්මක වනු ඇති.