ව්‍යාපාරික ෂාෆ්ටර් ඝාතනයට 23 දෙනෙකුගෙන් ප්‍රකාශ - වැඩි විස්තර..

Nihal Talduwa Sri Lanka Crime
By Sewvandhi Dec 17, 2022 11:44 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඒ බොරැල්ල පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලට අදාළවය. එලෙස ප්‍රකාශ ලබාගත් පිරිස අතර කතාබහට ලක්වු ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ද සිටී.

මේ වනවිට ඒ මහතාගේ විදෙස් ගමන් ද තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබේ. බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ දෙඅත් සහ ගෙල සිරකර සිටියදී ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සොයාගනු ලැබුවේ පෙරේදා (15) පස්වරුවේදීය.

පසුව රෝහල්ගත කෙරුණු ඔහු එදින රාත්‍රියේම මියගියේය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණ වුයේ ගෙල සිරවීමෙන් මෙම මරණය සිදුව ඇති බවය.

මේ වනවිට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය ඔහු පදිංචිව සිටි කොළඹ 07, මල්පාරේ නිවසේ තැන්පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,

"මේ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ පැතිකඩ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙනවා. මේ වනවිට දුරකථන අංක විශ්ලේෂණය කරමින් CCTV කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් කාණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ තොරතුරු කඩිනමින් රැස් කරගැනීම සිදුවෙනවා.

මෙම මියගිය පුද්ගලයා සම්බන්ධව තොරතුරු සහ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ කොට්ඨාස දෙපාර්තමේන්තුවේ සඳහන් වෙලා තිබෙන තොරතුරු මෙන්ම ඔහුගේ ව්‍යාපාර කටයුතු සහ ඒ සම්බන්ධතාවයන් ගැනත් සොයනවා. මේ සියලු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now