ඉස්සර මම ගොඩක් කෙට්ටුයි, කන්න බොන්න නැතිව දුක් විඳපු දවස් අපිට තිබ්බා’ දිනක්ෂි කියන කතාව (PHOTOS)

Gossip Today Dinakshie Priyasad Sri Lankan Actress
By Sithumi May 16, 2022 04:13 PM GMT
Report

කළා ලෝකයේ නිතරම කතාවෙන ආදරණීය චරිතයක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඒ වගේම ඇය සමාජ ජාලාවලත් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්, ඇය ශෙයා කරන සහ ඇය මුහුණුපොතේ තබන විවිද සටහන් නිසා රසිකයන් රැසක් ඇය සමග එකතුවෙලා ඉන්නවා.

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දිනක්ෂි පසුගිය දිනක ‘Danuට කියන්න’ youtube වැඩසටහනට එකතු වෙලා තිබ්බා, ඉතින් ඒ වෙලාවේ දනු අහපු ප්‍රශ්න වලට දිනක්ෂි දුන්න අපූරු පිළිතුරු තමයි මේ. දිනක්ෂි අලුත් ගෙයක් ගන්නවා ගොඩක් අය දන්නේ නෑ ඒ ගැන ඉතින් කියන්නකෝ විස්තර ටිකක් ඒ ගැන ”අපි පොඩිකාලේ ඉඳන්ම එක පවුලක් වගේ ගොඩක්ම එකටම හිටියේ.

අපි ගොඩක්ම ප්‍රශ්න වලට මුහුණ දුන්න පවුලක්, වැඩියෙන්ම තිබ්බේ ආර්ථික ප්‍රශ්න ඉතින් ඒකත් එක්ක අපිට තාත්තිටයි අම්මිටයි ගෙයක් ගන්න විදියක් තිබ්බේ නෑ අපි හැමදාම හිටියේ කුලියට, මම හිතන්නේ අපි ගෙවල් 14ක විතර ඉඳලා තියෙනවා රෙන්ට් එකට සමහර ගෙවල් වල තිබ්බේ එක කාමරයයි, හැබැයි අම්මියි තාත්තියි අපිව හොඳ ස්කූල් වලට යැව්වා,

ඒවාට වියදම් කරලා ස්කූල් වෑන් වල යවලා ඒවගෙන් කිසිම අඩුපාඩුවක් කලේ නෑ එයාලා, එයාලගේ රසාවල් එක්ක ෆිල්ම් ඉන්ද්‍රස්ටි එක කියන්නේ හරිම අන්ස්ටේබල් ඉන්ද්‍රස්ටි එකක් ඉතින් ඒවගේ ප්‍රශ්න තාත්තිගේ රස්සාවේ ප්‍රශ්නත් එක්ක අපි සෑහෙන්න ආර්ථිකව වැටුනා, සමහර දවස්වලට කන්න බොන්නවත් අපිට තිබ්බේ නෑ,

අම්මට හොඳට මහන්න පුළුවන් එයා ඇඳුම් මහලා සල්ලි එකතු කරලා තමයි අපි වෙනුවෙන් වියදම් කලේ, මම ඉගන ගන්න දක්ෂයි මම කැම්පස් ගියා, මට හැම විෂයකටම තිබ්බේ Aසාමාර්ථ, කාලයක් එක්ක මට මගේ ඉගනීම ටිකකට නතර කරලා මගේ පවුල ගැන හිතන්න වුනා, ඒ වෙද්දී නංගිලා ස්කූල් යනවා. ඉතින් මම ෆුල් ටයිම් ජොබ් එකක් කළා ඒ වැඩකරලා හම්බවෙච්ච සල්ලි වලින් තමයි මම 2017 එතකොට මට වයස 27යි, එතකොට තමයි මම ඉස්සෙල්ලම ගෙයක් ගත්තේ,” දිනක්ෂි අලුතෙන් කරන්න හිතාගෙන ඉන්න වැඩ මොනවද

”ලගදිනම් ලොකු වැඩක් කලේ නෑ, කලින් කරපු ටෙලිද්‍රාමා එකක් තියෙනවා, ඒක සමගර විට ඉදිරියේදී පටන් ගනීවි, තාම මම ඒකට මහත වැඩියි එකේ යුනිවසිටි ස්ටුඩන්ට් කෙනෙක්ගේ චරිතයක් මම කරන්නේ එක කරේ මම මැරී කරපු කාලේම වගේ ඒ කාලේ මම කෙට්ටුයි, ඉතින් දැන් ඒ ගොල්ලෝ ඉන්නවා මම කෙට්ටුවෙලා එනකන් ඒක කන්ටිනිවූ කරන්න.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery