දුමේ පාට අනුව වාහනයේ ලෙඩේ හොයාගන්නේ මෙහෙමයි.

By Wayomi May 07, 2022 11:48 AM GMT
Report
ඩීසල් කියන්නේ මේ දවස්වල අතන මෙතන හැමතැනම කතා වෙන වචනයක්. හැබැයි මේ කතා කරන්නේ ඩීසල් ගැන නම් නෙවෙයි. ඩීසල් එන්ජින් ගැනයි. වැරැද්දක්,අඩුපාඩුවක් නැතුව ස්ටාර්ට් එකේ තියන එන්ජින් එකකින් දුමක් පිට වෙන්නේ නැහැ. හැබැයි ඒ වාහනයේ මොකක් හරි ලෙඩක් තියෙනවා නම් කළු, සුදු , හෝ නිල් පාටින් දුමක් දකින්න පුළුවන්. ඉතින් අපි බලමු දුමේ පාටේ අනුව වහනයේ ලෙඩේ මොකක්ද කියලා.


කළු දුම (Black Smoke)

එහෙම දුමක් එන්නේ,
 - ෆිල්ටර් බ්ලොක් වුණාම.
- ටර්බෝ ඉන්ටර්කූලර් බ්ලොක් වුණාම සහ හෝස් ලීක් වුණාම.
- ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ කාබන් බැදුණාම.
- නිර්දේශිත බරට වඩා බර පටවන් යාම.
- ටර්බෝ වේස්ගේට් වෑල්ව් එක ඕපන් වෙලා හිර වුණාම.
- වෑල්ව් ක්ලියරන්ස්(ටැපට් ක්ලියරන්ස්) වැඩි වුණාම.
- ඉන්ජෙක්ටර් හෝ ඉන්ජෙක්ශන් පම්ප් දෝෂ
- ඔක්සිජන්(ලැබ්ඩා) සෙන්සර්,MAP සෙන්සර් දෝෂ හෝ ECU දෝෂ
- එන්ජින් ඔයිල් පිච්චෙන එක

සුදු සහ අළු දුම (White/Gray Smoke)


එන්ජින් ඔයිල් පිච්චෙද්දි එනවා කියලා ගොඩක් අය හිතන සුදු දුම ඇත්තට එන්න බලපාන හේතු  


- ජලය,කූලන්ට් හෝ ට්‍රාන්ස්මිශන් ඔයිල් පිච්චීම.
- සිලින්ඩර් ඇතුලේ අඩු උෂ්ණත්වය හා අඩු පීඩනය.
- ඉන්ජෙක්ටර් සහ ඉන්ජෙක්ශන් පම්ප් දෝශ
- හීටර් ප්ලග්(ග්ලෝ ප්ලග්) දෝෂ
- වෑල්ව් ක්ලියරන්ස්(ටැපට් ක්ලියරන්ස්) අඩු වුණාම.
- නිර්දේශ කරපු අගයට වඩා අඩු සීටේන් අගයක් තියන ඩීසල් ගැහුවම.


නිල් දුම (Blue Smoke)

ගොඩක් වෙලාවට නිල් දුමයි සුදු දුමයි එක වගේ නිසා මේ දෙක ගොඩක් අයට හඳුනාගන්න.ඒත් නිල් දුමක් නැතුවම නෙවෙයි.   
 - සිලින්ඩර් බෝර්,පිස්ටන්,පිස්ටන් රින්ග්ස්,වෑල්ව් සීට්,වෑල්වු ඔයිල් සීල් වගේ දේවල් ගෙවුණම.
- ටර්බෝ ඔයිල් සීල්(sealing rings)ඩැමේජ් වුණාම.
- ගෑස්කට් ඩැමේජ් වුණාම.
- PCV(Positive crankcase ventilation) Valve දෝෂ
- වැරදි එන්ජින් ඔයිල් එකක් දැම්මම(නිර්දේශ කරපු ඔයිල් එකට වඩා විස්කොසිටි අඩු/තුනී ඔයිල් එකක් දැම්මම ඉක්මනටම ඒක සිලින්ඩර් ඇතුලට ලීක් වෙන්න පුළුවන් නිසා).