පියයුරු කියන්නේ මාංශ පේශියක් නොවන බව ඔබ දන්නවද?

Breast Cancer Healthy Food Recipes
By Wayomi May 05, 2022 11:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
කාන්තා පියයුරු කියන්නේ සුවිශේෂී ශරීර අවයවයක්. ඒක ඔය ලොකුවට මහතට රවුමට තිබුණට මාංශ පේශියක් නෙවෙයි. මාංශ පේශිවලට ඉහළින් ඇති පටකයක්. මූලික වශයෙන් පියයුරු සකස් වෙලා තියෙන්නේ glandular tissue එහෙම නැත්නම් lobules කියන පටක, lactiferous ducts, සහ මේද පටක වලින්. මේද ප්‍රමාණය පියයුරු වල ප්‍රමාණය තීරණය කරනවා. glandulars වල තමා මව් කිරි නිෂ්පාදනය වෙන්නේ. ඒ නිෂ්පාදනය වෙන මව් කිරි තන පුඩුව වලට අරන් යන්නේ, lactigerous ducts හරහා. ඊට පස්සේ ඔක්කෝම වට කරගෙන පපුවට රඳවා ගෙන ඉන්නේ ligaments කියන තන්තු. ඒ වගේම මේ තන පුඩුව වටා ඇති සමේ අඳුරු ප්‍රදේශය හඳුන්වනේ Areola ලෙසයි.
ligaments කියන්නේ හරිම ශක්තිමත් තන්තු විශේෂයක්. ඒවයෙන් තමා පියයුරුවේ හැඩය සහ එල්ලා වැටෙන්න නොදී ඒකේ ස්ථිර ගතිය පවත්වා ගන්නවා. කිසිම බාහිර උපකාරයක් නැතිව පියයුරුවල හැඩය සහ ශක්තිය පවත්වාගෙන යන්න මේ ligaments වලට පුළුවන්. පියයුරු වල විතරක් නෙවෙයි උරහිස් සහ අත් සම්බන්ධ වෙන තැන්, දණහිස්, වලළුකර වගේ සන්ධි ප්‍රදේශ වටේටත් මේ ligaments තන්තු තියෙනවා. ඒ, එම අවයව විස්ථාපනය (dislocate) වෙන්නේ නැතිව ස්ථිරව තියා ගන්න. ස්නායු පියයුරු වලට සංවේදනය ලබා දෙන අතර පියයුරු වල රුධිර වාහිනී, වසා වාහිනී සහ වසා ගැටිති වලින් ද සමන්විතයි.  


පියයුරු ලෙඩ වෙන හැටි

- පියයුරු පිළිකා: මාරාන්තික (පිළිකා) සෛල පියයුරු තුළ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන්න පුළුවන්. මෙය මුලින්ම හඳුනා ගත්තොත් ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන්. හැබැයි සිරුර පුරා පැතිර ගියොත් මාරාන්තිකයි. පියයුරු පිළිකා වැඩිපුරම ඇති වන්නේ කාන්තාවන්ටයි. පියයුරු පිළිකා ඇතිවීමේ ලක්ෂණ අතර ගැටිත්තක්, තන පුඩුවෙන් ලේ පිටවීම හෝ සමේ වෙනස්වීම් දකින්න පුළුවන්.


- නාල පිළිකාව (DCIS): ගැඹුරට කා නොවැදුණු හෝ ශරීරය හරහා පැතිරී නැති නාලිකා සෛලවල පියයුරු පිළිකා ඇති වෙනවා. DCIS රෝග විනිශ්චය මඟින් හඳුනාගෙන ප්‍රතිකාර කළොත් සුව කරගන්න පුළුවන්.


- Lobular carcinoma in situ (LCIS): කිරි නිපදවන lobule සෛල තුළ ඇතිවන පිළිකා තියෙනවා. ඒවා LCIS ලෙස හඳුන්වනවා. එම පිළිකා වර්ගය මුළු සිරුර පුරාම පැතිරීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි LCIS පිළිකා සහිත කාන්තාවන්ට අනාගතයේදී ආක්‍රමණශීලී පියයුරු පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩියි.


- ආක්‍රමණශීලී නාලිකා පිළිකා: මේවා නාලිකා සෛල තුළ ආරම්භ වන පියයුරු පිළිකාව, පසුව එය පියයුරු ගැඹුරටම පැතිර යනවා, ශරීරයේ සෙසු ප්‍රදේශවලට ආක්‍රමණශීලී නාලිකා පිළිකාව යනු ආක්‍රමණශීලී පියයුරු පිළිකාවේ වඩාත් සුලභ වර්ගයයි.


- ආක්‍රමණශීලී lobular පිළිකාව: මෙම පියයුරු පිළිකා කිරි නිපදවන lobule සෛල වලින් ආරම්භ වන නමුත් පසුව පියයුරු ගැඹුරට ආක්‍රමණය කරනවා. ශරීරයේ අනෙකුත් කොටස් වලට පැතිරීමේ හැකියාව ද තියෙනවා. ආක්‍රමණශීලී lobular පිළිකාව යනු පියයුරු පිළිකා වල දුර්ලභ පිළිකා වර්ගයක්.


- සරල පියයුරු ගෙඩියක්: මෙය වයස අවුරුදු 30 හෝ 40 අතර කාන්තාවන් තුළ සාමාන්‍යයෙන් වර්ධනය වන නිරපේක්ෂ (පිළිකා නොවන), දියර පිරුණු මල්ලක් වැනි පියයුරු ගෙඩික්.


- පියයුරු ෆයිබ්‍රොඇඩෙනෝමා: පියයුරු වල ඉතා සුලභ පිළිකා නොවන ඝන ගෙඩියක්. සාමාන්‍ය ෆයිබ්‍රෝඇඩෙනෝමා පියයුරු වල වේදනා රහිත, කුඩා ගැටිත්තක් ඇති කරන අතර මෙය බොහෝ විට ඇති වන්නේ වයස අවුරුදු 20 හෝ 30 අතර කාන්තාවන් තුළයි.