පොරවකින් හා ගල්ඉන්නකින් සිදුකළ ඇඟ හිරිවැටෙන ඝාතනය..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Inspector General of Police
By Sewvandhi Jan 22, 2024 03:38 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (21) සවස දෙහිඕවිට දිගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඝාතනය කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 42 ක්වූ දිගල දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා බීමත්ව පැමිණ සිය සහෝදරිය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇයට පහරදීමක් සිදුකර තිබේ.

පොලීසිය පවසන්නේ, පසුව ඇගේ ස්වාමි පුරුෂයා පැමිණ මෙම පුද්ගලයාට පොරවකින් හා ගල්ඉන්නකින් පහර දී ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බවයි.

43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිඕවිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Sponsored By Sarrita Jewellery

පොරවකින් හා ගල්ඉන්නකින් සිදුකළ ඇඟ හිරිවැටෙන ඝාතනය.. | Dhehi Ovita Digala Murder


You may like this