ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් , මැති ඇමතිවරු රැසක් ඇතුළු 24කට ලබා දුන් නියෝගය..

By Sewvandhi May 16, 2022 12:11 PM GMT
Report

 පසුගිය 9 වැනි දා කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී පුරවැසි විරෝධතා ව්‍යාපාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හඳුනා ගත් පුද්ගලයන් 24 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබෙනවා.

මෙලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියම කර ඇති 24 දෙනා අතර, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සිටින බව යි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරන්නේ. 

 එමෙන්ම මෙම ගැටුමට සෘජුව ම සම්බන්ධ වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගෙන් ද ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව යි වාර්තා වන්නේ.