දෙමටගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබයි
Crime
Gun Shooting
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ අද (23) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.