ශ්‍රී ලංකාවට ලැබෙන්න අය අලුත්ම ණය සහනය..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani May 20, 2022 04:32 AM GMT
Report

ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදීම සඳහා සහය වන බව ජර්මනියේ පැවති හමුවකින් අනතුරුව ජී හත කණ්ඩායමේ ධනවත් ආර්ථිකයන් හතේ මුදල් අමාත්‍යවරුන් පවසන ලදී.

ඒ ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීම් පැහැර හැරීමට ලක්වීමෙන් අනතුරුවයි.එමඟින් වැඩිදුරටත් ඔවුන් සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණදෙන අර්බුදයට දිගුකාලීන විසඳුමක් සොයාගැනීම සඳහා ජී හත කණ්ඩායම කැපවී සිටින බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ණයදායකයන් සමඟ ඵලදායී අන්දමින් සාකච්ඡාවල නිරතවන ලෙස ඔවුන් මෙරට  රජයෙන් ඉල්ලීමක් කළ අතර ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබාදීම සඳහා සංසන්දනීය කොන්දේසි යටතේ කටයුතු කරන ලෙස ජී හත කණ්ඩායමෙන් පිටත රටවලින් ද ඉල්ලා සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join