පවුල් ආරවුල අවසානයේ නැවතුණ තැන සියල්ලන් සංවේදී කරයි..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By krishani Feb 16, 2024 12:27 PM GMT
krishani

krishani

in අපරාධ
Report

මිහින්තලය, තිරප්පනය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

පවුල් ආරවුල අවසානයේ නැවතුණ තැන සියල්ලන් සංවේදී කරයි.. | Death Women At Mihinthalaya

ඒ පවුල් ආරවුලක් හේතුවෙන් ය.

විමර්ශනවල දී අණාවරණය වී ඇත්තේ සැමියා විසින් සිය බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි කැලෑ තිරප්පනය, ඉහළගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ය.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය සඳහන් කළේ ය.