බදුල්ලේ මව සහ දියණියගේ ඝාතකයින් සොයා පොලිස් විමර්ශන..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Sep 11, 2022 02:30 AM GMT
Report

බදුල්ල - ගැනල්පීන් වත්ත - හිගුරුගමුව ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණියකට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03 ක් විමර්ශන ආරම්භ කර ඇත.

ඔවුන් දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ අද (11) පැවැත්වීමට නියමිතයි.

තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් 83 හැවිරිදි මව සහ ඇයගේ 55 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර නිවසේ සිටි 62 හැවිරිදි තවත් ඥාති දියණියක් ද බදුල්ල රෝහලට ඇතුළත් කර තිබුණේ කැපුම් තුවාල සහිතව වේ.