2027 අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට [LVIE]

Parliament of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk Budget 2027
By R.rishma Oct 07, 2026 04:13 AM GMT
Report

අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවාරය පැවැත්වෙයි.

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.

මේ අතර, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2027 අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදින විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇත.

අද පාර්ලිමේන්තු සභාවාරයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.