උදැල්ලකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කරයි..

Sri Lanka Crime
By krishani Sep 21, 2022 10:33 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ගල්ගමුව පොලිස් වසමේ ට්‍රැක් 5 - පළුකන්දෑව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කළ සිදුවීමක් වාර්තා වේ.

සැකකරු උදෑසන කාලයේ සිට බීමත් ව නිවසේ ඇති භාණ්ඩ විනාශ කරමින් සිට ඇත.පසුව බිරිඳගේ පියා හා අසල්වැසි පුදගලයකු සමඟ ගැටුමක් ද ඇති කරගෙන තිබෙනවා.

ගැටුම් උත්සන්න වීමත් සමඟ සැකකරු, බිරිඳගේ පියාට හා අසල්වැසි පුද්ගලයාට උදැල්ලෙන් පහර දී ඇත.

බිරිඳගේ පියා එම ස්ථානයේ දී ම මිය ගොස් ඇති අතර අසල්වැසි පුද්ගලයා බරපතළ තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත. 

මරණකරුවන් වයස අවුරුදු 16 හා 67 යන වයස්වල පසු වන දෙදෙනෙක් වේ. පළුකන්දෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.