නිවසක ඇති වූ ගින්නකින් මවක සහ කුඩා දරුවන් දෙදෙනෙක් මියගිය සංවේදී පුවතක්.
Sri Lanka Police
Anuradhapura
Fire
By krishani
මාස 1 කට පෙර
ඊයේ (26) රාත්‍රියේ අනුරාධපුර - ඇලයාපත්තුව - මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක, කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
පස් හැවිරිදි පිරිමි දරුවෙකු, දස හැවිරිදි වියේ පසුවන ගැහැණු දරුවෙකු සහ 30 හැවිරිදි මවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ඔවුන් නිදමින් සිටි කාමරයේ අදාළ ගින්න හටගෙන ඇති අතර දරුවන් සහ බිරිඳ බේරාගැනීමට ගිය 37 හැවිරිදි ස්වාමිපුරුෂයා පිළිස්සුම් තුවාල ලබා ඇත.
ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අසල පිහිටි නිවසකින් අදාළ නිවසට විදුලිය ලබාගෙන ඇත්තේ.
ගින්නට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ඇලයාපත්තුව පොලිසිය පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |