මහමඟදී යුවළකට තියුණු ප්‍රහාරයක් - කාන්තාව ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Sep 24, 2022 06:02 AM GMT
krishani

krishani

in අපරාධ
Report

බොරලැස්ගමුව - බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

අදාළ කාන්තාවගේ හිතවතෙකු විසින් සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබාදී ඇත.ඒ අනුව ඇය සිය සැමියා ද සමග සාදයට යෑම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී ඊයේ (23) රාත්‍රියේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

එහිදී යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති අතර පසුපැදිකරු විසින් එම අවස්ථාවේ ඇයට තියුණු ආයුධයකින් පහරදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කාන්තාව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බඩෝවිට ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඝාතනය සිදුකර පළායෑමට උත්සාහ කළ යතුරුපැදිකරු සහ පසුපැදිකරුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත.

ඝාතනය සිදුකළ පසුපැදිකරු ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.