බෑනාගේ සහ සැමියාගේ ආරවුලට මැදිහත් වූ කාන්තාවකට බෑනාගෙන් පහරදීමක්..

Sri Lanka Police Crime
By krishani Apr 09, 2023 08:25 AM GMT
krishani

krishani

in අපරාධ
Report

ඊයේ (08) පොල්පිතිගම - අලුත්වෑගෙදර ප්‍රදේශයේ දී පහර දී කාන්තාවක් ඝාතනය කර ඇත.

ඒ සැමියා සහ බෑනා සමග ඇති වූ ආරවුලකට මැදි වූ අදාළ කාන්තාවට බෑනා විසින් පහර දී ඇති බව පොලිසිය පැවසීය.

පහරකෑමෙන් තුවාල ලැබූ කාන්තාව පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර ඇය 59 හැවිරිදි පොල්පිතිගම, අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචිකාරිනියකී.

එම කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join