තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Crime
By krishani Oct 21, 2022 08:10 AM GMT
Report

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 51 හැවිරිදි වියේ පසුවූ හුණුපිටිය වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කිරිබත්ගොඩ පාදිලියාතුඩුව ප්‍රදේශයේ දී සිදුකළ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් කඩුවක් ද සමඟ පොලිස් ස්ථානයට පැමිණ භාරාවීමත් සමඟ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇති පුද්ගලයා සැකකරුගේ බිරිඳට සිදුකළ අයුතු යෝජනාවක් මුල්කරගනින් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇත.

කිරිබත්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.