තිදරු පියෙක්ට දිවි අහිමි කළ අනතුර - හිතන්නවත් නැතුව ඇති මෙහෙම දෙයක් නම්.. නිරන්තර අවදානයෙන් කටයුතු කරන්න..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Accident
Death
Latest Headlines
By krishani
පැල්මඩුල්ල - පහළ කුට්ටාපිටිය ප්‍රදේශයේ මැණික් පතල් වළකට ඇද වැටුණු පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වීය.
මෙලෙස මිය ගියේ 48 හැවිරිදි පතල්කරුවෙකු බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ ය.
මෙම අනතුර සිදුව ඇත්තේ පතලේ ඇති ජල මෝටරය සවි කිරිමට යාමේ දී ය.
එම අනතුරින් පැල්මඩුල්ල, රිලාහේන, සමගි මාවතේ පදිංචි ඊ.එම්.කැළුම් කෝලිත නම් තිදරු පියෙක් මෙලෙස මිය ගියේ ය.
සිද්ධිය වු ස්ථානයේ පතල් වළවල් දෙකක් පමණ ඇති අතර එක් පතල් වළක ජලය හිස් කිරිමට තවත් අතිරේක වලක් කපා ඇත.
මියගිය පතල්කරු ඇද වැටි ඇත්තේ අඩි 15 ක් පමණ ගැඹුරු එම පතල් වළට බව පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
Sponsored By Sarrita Jewellery