තම කුඩා දියණිව බේරා සදහටම දිවි කතරෙන් සමුගත් පිය සෙනෙහස..

Sri Lanka
By krishani May 25, 2022 01:36 AM GMT
Report

පෙරේදා(23) පරවාහැර - වේලුවනාරාම විහාරස්ථානයේ ඉදිකර ඇති වෙසක් තොරණක් බැලීමට ගොස් මඩවල - තුන්මෝදර දී දුම්රිය මාර්ගයක යමින් සිටි පිරිසක් අතරින් දෙදරු පියෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් තුන් හැවිරිදි දැරියක් ඇතුළු 11 දෙනෙක් දිවි බේරාගෙන ඇති නමුත් කුඩා දියණියව වඩාගෙන ආ පියා අවාසනාවන්ත ලෙස දුම්රියේ ගැටී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ නාඔටුන්න - අලවත්තේ පදිංචිව සිටි දිමුත් මංජුල නැමති දෙදෙරු පියෙකි.මියගිය පුද්ගලයාගේ බිරිඳ ගැබිණියක් බව ද වාර්තා වේ.

තුන්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී තිබිය දී එක්වරම මාතර සිට බෙලිඅත්ත බලා ධාවනය වන සාගරිකා දුම්රිය පැමිණ තිබෙන අතර ප්‍රධාන ලාම්පූ ආලෝකයත් සමගම පිරිස මහ හඬින් කෑ ගසමින් රේල් පාරෙන් ඉවතට පැන ඇති අතර අනතුරින් තුන් හැවිරිදි කුඩා දැරියට සීරීම් තුවාලයක් හෝ සිදුනොවී තිබුණු බව වාර්තා වෙයි.