පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Sri Lanka Crime
By krishani Jan 06, 2023 01:49 AM GMT
krishani

krishani

in අපරාධ
Report

අද (06) අලුයම හංවැල්ල පොලිස් වසමේ දිද්දෙණිය-කිඹුල්බෙනය ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට යාමේ දී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා ඇත.

පසුව පොලිසිය ද සැකකරුට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර ප්‍රතිප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මිය ගිය සැකකරු වයස අවුරුදු 32ක් වන දෙල්වල පොලිස් වසමේ පිටකන්ද-උඩකරවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු 2022-12-18 වැනි දා හංවැල්ල පොලිස් වසමේ ඒ හර්ස්පාර හංවැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයක් සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවකු වන අතර සැකකරු විසින් පොලිසියට වෙඩි තැබීමට භාවිත කළ පතොරම් තුවක්කුවක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join