සිසුන් 80ක් ගිය විනෝද චාරිකාව දුක්බර අවසානයකින් කෙළවර වූ සංවේදී පුවතක්..

Sri Lanka Police Sri Lanka Accident
By krishani Dec 03, 2022 05:44 AM GMT
Report

වෙන්නප්පුව - බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇත.

පන්නල - මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80 දෙනෙකු එම විනෝද චාරිකාව සදහා සහභාගී වී ඇත.

එම සිසුන් අතරින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇති අතර එහි දී අදාළ සිසුවා දියේ ගිලී මියගොස් ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ පසුවූ සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් වන අතර මෘත ශරිරය හලාවත රෝහලේ තැන්පත් කර ඇත.

වෙන්නපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join