හොර රහසේම මැණික් සෙවිමට ගිය පුද්ගලයෙක්ට සිදු වූ සංවේදී ඉරණම..
Sri Lanka Police
Accident
By krishani
ඊයේ (20) දහවල් මැණික් සෙවීමේ අරමුණින් පතලක් කපමින් සිටි පුද්ගයෙක් එම පතලේ පස් කණ්ඩියක් කඩාවැටී එයට යටවී මියගොස් ඇත.
අදාළ පුද්ගලයා විසින් වේවැල්වත්ත - දෙමෝදර ප්‍රදේශයේ හපුගස්තැන්න වතුයායට අයත් ඉඩමක පතල් කපමින් සිටියදී එම අනතුර සිදුව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි ගල්ලෑල්ල, රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකී.
ගල්ලෑල්ල රෝහල වෙත රැගෙන යන අතරතුරදී මෙම පුද්ගලයා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වේවැල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |