කුඩා දරුවෙකුගේ හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි - සංවේදී පුවතක් මෙරටින්..

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Jan 30, 2024 10:06 AM GMT
Report

කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත් වුණ සංවේදී පුවතක් දොඹගහවෙල පොලිස් වසමට අයත් මහරාව හංදිය අසල නිවසකින් වාර්තා වේ.

කුඩා දරුවෙකුගේ හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි - සංවේදී පුවතක් මෙරටින්.. | Death Child At Dombagahawela

මෙලෙස එම දරුවා ජීවිතක්ෂයට පත් වූයේ එම නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසමතට වැටීමෙන් ය.

අම්බලන්තොට රිදීගම පදිංචි වයස අවුරුදු10 ක දරුවෙක් වන එම දරුවා නිවසේ වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක් අතර ඔන්චිල්ලාවක් ආකාරයෙන් බැඳි තංගුස් දැලක වාඩි වී තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ එය පදිමින් සිට තිබෙනවා.

එහිදී එකවරම එක් කොන්ක්‍රීට් කණුවක් ගැල වී දරුවාගේ හිස මතට වැටී ඇත.

එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

කුඩා දරුවෙකුගේ හිස මතට කොන්ක්‍රීට් කණුවක් කඩා වැටෙයි - සංවේදී පුවතක් මෙරටින්.. | Death Child At Dombagahawela