සීෂෙල්ස්හිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි..සිදුවූ දේ මෙන්න.

Murder Sri Lanka Death case Sheeshel
By Aruna Dec 30, 2021 02:34 AM GMT
Report

සීෂෙල්ස්හිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සීෂෙල්ස්හි ලාඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය දෙසැම්බර් 10 වන දින අදාළ ශ්‍රී ලාංකිකයා සිය නිවසේ මියගොස් සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

දින කිහිපයක් සේවා ස්ථානයට වාර්තා නොකිරීම හේතුවෙන් අදාළ සමාගමේ නිලධාරියෙකු අදාළ පුද්ගලයා නැවතී සිටි නිවසට ගොස් ඇති අතර එහිදි ඔහු සිය කාමරය තුළ වැටී සිටිනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

අනතුරුව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂාවේ දී අදාළ පුද්ගලයා මියගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර පසුව සිදුකළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ගෙල සිරවීමෙන් මරණය සිදුව ඇති බවය.

ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මෙතෙක් ඒ පිළිබඳ කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර පසුගියදා පාකිස්ථානයේ සියල්කෝට්හිදී ශ්‍රී ලාංකික කළමනාකරුගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 85 දෙනෙකු තවදුරටත් රඳවාගෙන ඇති බව එරට පොලීසිය පවසයි.

අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රබල නඩුවක් ගොනුකිරීමට පොලීසිය මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර ලබන ජනවාරි 04 වන දින සැකකරුවන්ට එරෙහිව විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සැකකරුවන් වෙනුවෙන් කිසිදු නිතීඥයෙකු පෙනී නොසිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/LQNTU4AAZ5uI8WK2nWn6pz