අයියා නංගිගේ කටට දැමු දෙයින් නංගි අවාසනාවන්ත ලෙස මිය යයි.
මාස දෙකක් වයසැති බිළිඳියක සමග නිවසේ සෙල්ලම් කරමින් සිටි ඇයගේ අවුරුදු දෙකක් වයසැති සහෝදරයා ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් උගුරේ සිරවීමෙන් මිය යෑමේ ශෝකජනක සිද්ධියක් දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අහුගම්මන ප්‍රදේශයේ පදිංචි මාස දෙකක් වයසැති බිළිඳියක් මෙසේ මියගොස් ඇත.
මෙම දරු දෙදෙනා නිවසේ පසුගිය දා (02) සෙල්ලම් කරමින් සිටියදී වැඩිමල් දරුවා ඔහුගේ නැඟණියගේ කටට කාසියක් දමා ඇති බවයි පොලිසිය පවසන්නේ.
උගුරේ කාසියක් සිරවී සිටි සිඟිත්තිය දොම්පේ රෝහලට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා බිළිඳිය මියගොස් ඇති බව දැනුම් දී ඇති අතර සිඟිත්තියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් පවත්වා ඇති අතර ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසනවා.